(RIVIRA.LK, යාවත්කාලීන වෙමින් පවතී)
ඔක්තෝම්බර් 25 පස්වරු 02.10ට – ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව.
ගම්පහ දිස්ත්‍රික්කයට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔක්තෝම්බර් 25 පස්වරු 01.25ට 341/2020 යටතේ නිකුත් කළ නිවේදනයකින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එසේ වුවද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඔක්තෝම්බර් 26 දින පෙරවරු 08.00 සිට පස්වරු 10.00 දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය අලෙවි සැල් සහ ඖෂධ වෙළඳසැල් විවෘත කර තැබෙන බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඔක්තෝම්බර් 21 පස්වරු 01.52ට ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි
කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඔක්තෝම්බර් 21 පස්වරු 10 සිට ඔක්තෝම්බර් 26 සඳුදා පෙරවරු 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට ම බලපාන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව, උසස් පෙළ සිසුන් සඳහා තම විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

