කොවිඩ්-19

ගම්පහ වෙළඳසැල් සියල්ල ජනතාවගෙන් පිරෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 03.19ට)

ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධාන නගර සියල්ලෙහිම පවත්නා වෙළඳසැල් මේ වන විට ජනතාවගෙන් පිරී ඉතිරී යමින් පවතින බව ‘රිවිර.lk’ ප්‍රාදේශිය වාර්තාකරුවන් වාර්තා කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයටම බලපවත්නා පරිදි ඔක්තෝම්බර් 21 වැනි දින රාත්‍රී 10.00 සිට ලබන ඔක්තෝම්බර් 26 වැනි සඳුදා උදෑසන 5.00 වන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජනතාව මෙලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා වෙළඳසැල් වෙත වැල නොකැඩී පැමිණෙන තත්ත්වයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, ගම්පහ, කිරිබත්ගොඩ, මාකොළ, මහර, කැළණිය, ජා- ඇල, කටාන, බියගම, කඩවත යන නගරවල මෙලෙස ජනතාවගෙන් පිරී ඉතිරෙමින් පවතින බව වාර්තා වේ.

කොවිඩ් – 19 වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මෙලෙස ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු සිදු කළ ද මේ අයුරින් අධික ජනකායක් නගරවල වෙළඳසැල් කරා එක්රැස්වීමේන් වෛරසය පැතිරීමට ඇති අවදානම තවත් ඉහළ යයි.

Rivira FB Group Rivira Youtube
To Top