(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 07.55ට)
කොවිඩ්-19 වෛරයේ තවත් රැල්ලක් ශ්‍රී ලංකාව තුළ ඇති වෙමින් තිබෙන අතර ඊට අදාළ හඳුනාගත් බ්‍රැන්ඩික් පොකුරේ තවත් උප පොකුරක් හඳුනාගෙන තිබෙනවා. එම කුඩා පොකුර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අතර මේ වනවිට එහි මත්ස්‍ය වෙළෙඳුන් 46 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ්-19 ආසාදිතයින් කිහිප දෙනෙකු විවිධ ප්‍රදේශවලින් හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ මුලාශ්‍රය සොයා යෑමේ දී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හඳුනාගෙන ඇති එහි දී අහඹු ලෙස තෝරාගත් 105 දෙනෙකුට අදාළව සාම්පල් ලබාගෙන සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉන් 46 දෙනෙකු ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව වහාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පියවර ගෙන ඇති අතර තවදුරටත් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

