,
Covid-19

මෙරට පීසීආර් පරීක්ෂණ 400,000 ඉක්මවයි, ජනගහණය මිලියනයකට පරීක්ෂණ 19,000යි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 08.04ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 21 වන බදාදා පස්වරු 07.30 වනවිට 5,920ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට සාපේක්ෂක 276ක් පමණ වේ.

එසේම, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන ඔක්තෝම්බර් 21 පස්වරු 07.30 වනවිට 406,466ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව, ජනගහණය මිලියනයකට සාපේක්ෂව සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 19,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, මෙතෙක් ඉතිහාසයේ දෛනිකව සිදුකර ඇති පීසීආර් අතරින් වැඩිම පරීක්ෂණ ගණනක් සිදුකර ඇත්තේ ද ඔක්තෝම්බර් 17 දින යි. එදින සමස්ත පීසීආර් පරීක්ෂණ 9,543ක් සිදුකර ඇති අතර ඔක්තෝම්බර් 20 දින සිදුකළ පරීක්ෂණ ගණන 8,270ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. ඔක්තෝම්බර් 20 දිනය තුළ නව ආසාදිතයින් 186ක් හඳුනාගෙන තිබෙනවා.

Rivira Ads
To Top