කොවිඩ්-19

කළුතර දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාමයන් 6ක් හුදෙකලා කරයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 08.39ට)

කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් හුදකලා කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන ග්‍රාම නිලධාරී වසම සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොරක්ගොඩ, බෙරගම, අගලවත්ත, දාපිලිගොඩ, කැකුළන්දල උතුර යන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාමයන් ද හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, අදාළ ප්‍රදේශවල උසස් පෙළ සිසුන්ට තම විභාග ප්‍රවේශ පත්‍රය, බලපත්‍රයක් ලෙස යොදාගෙන විභාග සඳහා යා හැකි බව පොලීසිය සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top