,

Brandix පොකුරෙන් තවත් 166ක්, 128 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 10.20ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 21 වන බදාදා පස්වරු 10.00 වනවිට 5,978ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 44 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 166 දෙනෙකු හඳුනා ගෙන ඇති ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඒ අතරින්,

  • නිරෝධායනයට ලක්ව සිටි – 40
  • ආශ්‍රිතයින් – 79
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ – 49

ඒ අනුව, ආසාදිතයින් 128 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි.

එම පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.

ඒ අනුව Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 2,508 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 41% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,501කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 2,464ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 356ක් බව ද සඳහන් වේ.

Rivira Ads