(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පෙරවරු 09.25ට)
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඔක්තෝම්බර් 22 දින නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එහෙත්, උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩල සඳහා ඇඳිරි නීතිය කිසිසේත්ම බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළා.
