Covid-19

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 6,000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 05.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 22 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.30 වනවිට 6,028ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 60 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,561කි. සමස්ත ආසාදිතයින් අතුරින් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 2,454ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 341ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 59.0%ක් ලෙසත් මරණ අනුපාතය 0.21%ක් ලෙසත් වාර්තා වේ.

දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 60 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.

  • IDH රෝහල – 32
  • වැලිකන්ද මූලික රෝහල – 13
  • හම්බන්තොට රෝහල – 02
  • රඹුක්කන ප්‍රාදේශීය රෝහල - 09
  • තෙල්දෙණිය මූලික රෝහල - 04

මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 6,028 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර – 2,558
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,456
  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 101
  • කන්දකාඩු කොරෝනා පොකුර – 651 (දැනට අක්‍රීයයි)
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
  • වෙනත් – 313 (දැනට අක්‍රීයයි)

ඒ අනුව, මේ වන විට සිටින සක්‍රීය ආසාදිතයින් 1,179 අතුරින්,

  1. IDH රෝහල – 152
  2. වැලිකන්ද මූලික රෝහල – 108
  3. ඉරණවිල මූලික රෝහල – 133
  4. මිනුවන්ගොඩ මූලික රෝහල – 51
  5. මුල්ලේරියාව මූලික රෝහල – 91
  6. හම්බන්තොට මහ රෝහල – 146
  7. රඹුක්කන ප්‍රාදේශීය රෝහල – 71
  8. කඹුරුගමුව රෝහල – 228
  9. කාත්තන්කුඩි රෝහල – 155
  10. නෙවිල් ප්‍රනාන්දු රෝහල – 498
  11. තෙල්දෙණිය මූලික රෝහල – 115
  12. හෝමාගම මූලික රෝහල – 114
  13. ලග්ගල පල්ලේගම රෝහල - 114
  14. ගල්ගමුව මූලික රෝහල - 31
  15. අඹන්පොල ප්‍රාදේශීය රෝහල - 31
  16. ලුනාව ප්‍රාදේශීය රෝහල - 93
  17. ඉංගිරිය ප්‍රාදේශීය රෝහල - 20
  18. කොස්ගම ප්‍රාදේශීය රෝහල - 27
  19. දංකොටුව ප්‍රාදේශීය රෝහල - 42
  20. දිවුලපිටිය ප්‍රාදේශීය රෝහල - 65
  21. මරුත්තන්කර්නි ප්‍රාදේශීය රෝහල - 31
  22. දොම්පෙ ප්‍රාදේශීය රෝහල - 38
  23. පිඹුර ප්‍රාදේශීය රෝහල - 50

එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 415,243ක් වන අතර ඔක්තෝම්බර් 21 දින පරීක්ෂණ 8,777ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 19,403 ඉක්මවා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top