ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20 ගැන විවාදය අතරතුර ජනපති පාර්ලිමේන්තුවට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 06.10ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙදින විවාදයේ දෙවන දිනයේ විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ තිබෙනවා.

විවාදය අවසානයේ රාත්‍රී 7.30ට පමණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන අතර එම අවස්ථාවට ජනාධිපතිවරයා ද සහභාගී වනු ඇති බව ආරංචි මාර්ග පවසයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 155ක් පමණ ලැබෙනු ඇති බව විශ්වාස කෙරෙන බවයි. සම්මත වීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය 150කි. එනම් සමස්තයෙන් 2/3කි.

20ට සහය දෙන්න විපක්ෂයේ මන්ත්‍රීවරු 10ක් සූදානම්! ද්විත්ව පුරවැසි අවුලත් විසඳෙයි

Rivira FB Group Rivira Youtube
To Top