(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 09.36ට)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසි පරිදි සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ ය.
කාරක සභා අවස්ථාවෙන් අනතුරුව තුන්වන වර කියවා සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 156 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 65ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 91 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
එසේම කාරක සභා අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා. ඒ අනුව පැවැත්වූ විද්‍යුත් ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 64ක් පමණයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට පක්ෂව ඡන්ද 156 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 65ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 91 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
මේ අතර, සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව සමගි ජන බලවේගය පක්ෂය හිමි පුද්ගලයාගේ බිරිඳ වන ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සහ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 07 දෙනෙකු ඡන්දය භාවිතා කළා. ඒ අතර එම්. රහීම්, ඉෂාක් රහුමාන්, අහමඩ් නසීර්, මොහාමඩ් හාරිස්, ෆයිසාල් කාසිම්, අරවින්ද් කුමාර්, සහ එම්. එස්. තව්ෆීක් ඇතුළත්.
හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටීම ද විශේෂත්වයකි.
ඔක්තෝම්බර් 21 සහ 22 දෙදින තුළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්විණි. ඒ අනුව 22 දින පස්වරු 7.30 ට පමණ ඡන්ද විමසීම ආරම්භ කෙරිණි. පස්වරු 09.36ට තුන්වර කියවා අවසන් කිරීමෙන් පසු පැවැත්වූ ඡන්ද විමසීමේ දී පනත් කෙටුම්පත සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කළේ ය.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රි විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය සභාවට ඉදිරිපත් කරන ලදී.
20 දෙවන වර කියැවීමේ විවාදයට දින දෙයි, විපක්ෂයේ ඉල්ලීමට ඉවතට
20ට එරෙහි පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධීකරණයේ රහසිගත නිගමනය කථානායක වෙත යොමු කරයි
20 වන සංශෝධනයට එරෙහි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ දැක්වූ වැදගත් කරුණු මෙන්න
20 වන සංශෝධන කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන ඔබ දැන ගත යුතු දේ මෙන්න

