(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 07.30ට – යාවත්කාලීන වෙමින් පවතී)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අවසන් කරමින් පිළිතුරු කතාව ද අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් අවසන් කළා.
නවතම තොරතුරු සමග මින් පහළ කොටස යාවත්කාලීන වේ.
පස්වරු 09.23 – කාරක සභාව අවසන්. පාර්ලිමේන්තුව යළි රැස්වෙයි.
පස්වරු 09.22 – පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වෙයි
පස්වරු 08.40 – ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය සම්මතයි. පක්ෂව 157යි, විපක්ෂව 64යි.
පස්වරු 08.20 – ද්විත්ව පුරවැසි වගන්තියට අදාලව විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසීම අරඹයි.
පස්වරු 08.17 – වගන්තියකට අදාළව ඡන්ද විමසීමක් සිදු නොකෙරෙන බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔව්/නෑ යන්න පමණක් විමසිය හැකි බව සභානායකවරයා පවසයි.
පස්වරු 08.12 – ද්විත්ව පුරවැසි කරුණ සඳහා ඡන්දයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල පවසයි.
පස්වරු 07.53 – පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවට.
පස්වරු 07. 50 – 20 වන සංශෝධනය දෙවන වර කියැවීම සම්මතයි. පක්ෂව 156යි, විපක්ෂව 65යි. සහභාගී වූ මන්ත්‍රීවරුන් ගණන 213යි.
පස්වරු 07.49 – දැඩි කතාබහක් ඇති වූ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් 20ට එරෙහිව ඡන්දය දෙයි.
පස්වරු 07.47 – විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් 20ට පක්ෂය ඡන්දය ලබා දී ඇත.
පස්වරු 07.45 – විද්‍යුත් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් කළ අතර ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ මන්ත්‍රීවරුන්ට වාචිකව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ඇත.
පස්වරු 07.36 – ඡන්ද විමසීමට අදාළව මන්ත්‍රීවරුන් සභාවට කැඳවමින් සීනුව නාද කෙරේ.
පස්වරු 07.30 – දෙවැනි වර විවාදය සඳහා වන ඡන්ද විමසීම සිදු කිරීම සඳහා පාර්ලිමේන්තුව සූදානම් කෙරෙමින් පවතිනවා.

