(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 10.20ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 22 වන බ්‍රහස්පතින්දා පස්වරු 10.00 වනවිට 6,287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 259 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 60 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.
ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 309 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ උප පොකුර, කටුනායක වෙළඳ කලාපයේ උප පොකුර සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා තහවුරු කළා. ඒ අතරින්,
නිරෝධායනයට ලක්ව සිටි – 02
කටුනායක ඇඟළුම් ආයතනවලින් - 22
පෑලියගොඩ මාළු වෙළඳපොළ – 188
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 97
ඒ අනුව, ආසාදිතයින් 307 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව ඇති වූ උප පොකුරෙන් දැනට හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 237 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 2,817 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 44% ඉක්මවූ ප්‍රමාණයකි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,561කි. සමස්ත ආසාදිතයින් අතුරින් 14 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 2,712ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Brandix පොකුරට අදාළව මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් මෙසේ ය.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 22 – 309 (පස්වරු 03.20ට වාර්තා කළ ආසාදිතයින් 50, පස්වරු 09.55ට වාර්තා කළ ආසාදිතයින් 259)
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 21 – 166
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 20 – 180
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 19 – 87
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 18 – 61
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 17 – 115
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 16 – 110
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 15 – 68
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 14 – 130
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 13 – 194
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 12 – 90
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01

