කොවිඩ්-19

කොස්ගම රෝහලෙන් පැන්න ආසාදිතයා බොරැල්ලෙන් අල්ලයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 23 පස්වරු 01.43ට)

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු බව හඳුනා ගැනීමෙන් අනතුරුව කොස්ගම, සාලාව රෝහලට ඇතුළත් කර සිටිය දී ඉන් පැන ගිය තරුණයෙකු අල්ලා ගැනීමට හැකිව තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත අදාළ පුද්ගලයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයක 13 වැනි මහලේ රැඳී සිටිය දී මෙලෙස සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ඔක්තෝම්බර් 23 අලුයම 01.30ට පමණ කොස්ගම, සාලාව රෝහලට ඇතුළත් කර ඇති වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා පෙරවරු 6ට පමණ පැන ගොස් තිබුණා.

මෙම ආසාදිතයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ඇතිව තිබෙන උප පොකුරට අදාළව හඳුනාගත් ආසාදිතයෙකු බව කොස්ගම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මනුජි රණතුංග සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top