කොවිඩ්-19

තවත් ආසාදිතයින් 256ක්, ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 7,000 ඉක්මවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 23 පස්වරු 06.37ට – යාවත්කාලීන කිරීම පස්වරු 10.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 23 වන සිකුරාදා පස්වරු 10.00 වනවිට 7,153ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 256 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 83 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

ඒ අනුව දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 866ක් වන අතර එය මෙතෙක් ශ්‍රී ලංකාවේ දිනක වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන යි.

ඒ අනුව, දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 865 දෙනා අතුරින් වැඩිම පිරිසක් හමු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ උප පොකුර ආශ්‍රිතවයි. ඉතිරි ආසාදිතයින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා තහවුරු කළා. ඒ අතරින්,

  • නිරෝධායනයට ලක්ව සිටි – 48
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ – 535
  • ගාල්ල ධීවර වරාය – 05
  • බේරුවල ධීවර වරාය – 20
  • ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 257
  • විදේශයන්ගේ සිට පැමිණි - 01

ඒ අනුව, ආසාදිතයින් 817 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව ඇති වූ උප පොකුරෙන් හමුවන ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 3,682 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 51% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,644කි. සමස්ත ආසාදිතයින් අතුරින් 14 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 3,495ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top