කොවිඩ්-19

කොළඹ හා කළුතර ප්‍රදේශ 5ට ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 23 පස්වරු 10.30ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා.

එසේම, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා ද සඳුදා පෙරවරු 05.00 දක්වා වහාම ක්‍රියත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට ද පියවරගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top