(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 23 පස්වරු 11.02ට)
කොවිඩ්-19 වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා.
ඒ අනුව, ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලාන්දාව යන ග්‍රාමසේවා වසම් හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළා.
එසේම, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා සඳුදා පෙරවරු 05.00 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතී.

