කොවිඩ්-19

හදිසි රෝගී තත්වයකින් ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයෙකු මියයයි, පීසීආර් ප්‍රතිඵල ලැබීමට නියමිතයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 24 පෙරවරු 09.59ට)

කොවිඩ්-19 වෛරසයෙන් දෙවන රැල්ලට අදාළව ගාල්ල ධීවර වරායෙන් ද ඔක්තෝම්බර් 23 දින කොවිඩ්-19 ආසාදිතයින් 05 දෙනෙකු සොයා ගැනුණි. ඒ අනුව, එම ධීවර වරාය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ද පියවරගෙන තිබේ.

මේ අතර, ගාල්ල ධිවර වරායේ සේවය කළ ධිවර කාර්මිකයෙකු ඔක්තෝම්බර් 23 දින වරායේ සිටිය දී හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ දැනට වාර්තා වී ඇති තොරතුරු මත අදාළ පුද්ගලයා හදිසියේ ඇති වූ හෘද රෝගී තත්වයක් මත රෝහල් ගත වී ඇති බවයි.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඔක්තෝම්බර් 24 දින සිදු කිරීමට නියමිත අතර පීසීආර් පරීක්ෂණයක් සඳහා ද අවශ්‍ය සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි ප්‍රතිඵලය ද අද දින ලැබීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top