කොවිඩ්-19

15 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 24 පෙරවරු 10.33ට)

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 15 වන මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව කුලියාපිටිය රෝහල පවසයි.

කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔහු කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති එම රෝහල පවසයි.

අදාළ පුද්ගලයා හෘද රෝග තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔක්තෝම්බර් 14 දින කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව දින දෙකක් තුළ ඔහුගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කරමින් සිටිය දී ඔක්තෝම්බර් 24 අලුයම ඔහු මියගොස් තිබෙනවා.

රෝහලේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් පසු ඔහුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top