,
Covid-19

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බලප්‍රදේශ 04කට ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 24 පස්වරු 04.33ට – යාවත්කාලීන වෙමින් පවතී)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බලප්‍රදේශ 05කට ඔක්තෝම්බර් 25 දින නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව, ඔක්තෝම්බර් 25 පස්වරු 06 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ යන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශ මෙසේය,

  1. මට්ටක්කුලිය
  2. මෝදර
  3. බ්ලූමැන්ඩල්
  4. ග්‍රෑන්ඩ්පාස්
  5. වැල්ලම්පිටිය
  6. දෙමටගොඩ
  7. මරදාන
  8. ගොතටුව
  9. මුල්ලේරියාව
  10. මාලිගාවත්ත
  11. කෙසෙල්වත්ත
  12. ඩෑම් වීදිය
  13. ආදුරුප්පු වීදිය
  14. වෙරළබඩ පොලීසිය
  15. කොටුව
  16. පිටකොටුව
  17. බොරැල්ල
  18. වැලිකඩ

ඒ අනුව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 18කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඔක්තෝම්බර් 24 පස්වරු 09.30ට – තවත් පොලිස් බලප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බලප්‍රදේශ 05කට ඔක්තෝම්බර් 24 දින නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා ඔක්තෝම්බර් 24 පස්වරු 9.25 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔක්තෝම්බර් 24 පස්වරු 04.33ට – තවත් පොලිස් බලප්‍රදේශ 02කට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශ සඳහා ඔක්තෝම්බර් 24 පස්වරු 07.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා ද මේ වනවිටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර එය ද නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා ද නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Rivira Ads
To Top