(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 24 පස්වරු 06.32ට)
අවිස්සාවෙල්ල සිට කොළඹ දක්වා ගමන් කෙරෙන ලෝලෙවල් මාර්ගය කඩුවෙල දෙස සිට ඔරුගොඩවත්ත දෙසට රථ වාහන ධාවනය තාවකාලිකව සීමා කර තිබෙනවා.
කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග වැල්ලම්පිටිය හුදෙකලා කිරීමත්, ගොතටුව, මුල්ලේරියාව, දෙමටගොඩ හා මරදාන පොලිස් බලප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පැනවීමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නවගමුව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව, අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දක්වා ගමන් කරන රථවාහන සඳහා කඩුවෙල නගරයෙන් මාලබේ දෙසට ධාවනය කර රාජගිරිය හරහා කොළඹට ගමන් කළ හැකි අතර හුදෙකලා කර ඇති ප්‍රදේශ මගහැර ධාවනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලීසිය සඳහන් කළා.

