කොවිඩ්-19

තවත් ආසාදිතයින් 368ක්, 331ක්ම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 24 පස්වරු 06.49ට – යාවත්කාලීන කිරීම පස්වරු 11.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 24 වන සෙනසුරාදා පස්වරු 11.55 වනවිට 7,521ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 167 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 70 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා. දිනය තුළ එක් මරණයක් ද වාර්තා විය.

ඒ අනුව, දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 368 දෙනා අතුරින් වැඩිම පිරිසක් හමු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ උප පොකුර ආශ්‍රිතවයි. ඉතිරි ආසාදිතයින් දිවයිනේ විවිධ ධීවර වරායන් හා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා තහවුරු කළා. ඒ අතරින්,

  • නිරෝධායනයට ලක්ව සිටි – 37
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ – 232
  • වෙනත් ධීවර වරායන් – 24
  • ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් - 75

ඒ අනුව, ආසාදිතයින් 331 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා ධීවර වරායන් ආශ්‍රිතව ඇති වූ උප පොකුරෙන් හමුවන ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 4,050 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 53% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,714කි. සමස්ත ආසාදිතයින් අතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 3,792ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top