,

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ගැන රජයෙන් පරස්පර ප්‍රකාශ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 25 පස්වරු 01.06ට)

ඔක්තෝම්බර් 21 පස්වරු 10 සිට ඔක්තෝම්බර් 26 සඳුදා පෙරවරු 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට ම බලපාන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔක්තෝම්බර් 21 පස්වරු 01.30ට 317/2020 දරන නිවේදනයෙන් දන්වා සිටියා.

කෙසේ වෙතත්, ඔක්තෝම්බර් 25 වන ඉරිදා පෙරවරුවේ “දෙරණ අරුණ” වැඩසටහනට දුරකථනයෙන් එක් වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ “උදෑසන 05 දක්වා” යන කොටස ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව ප්‍රකාශ නොකළ බවයි. එය වෙනත් ප්‍රදේශ කිහිපයකට අදාළව දැමූ කොටසක් බව ඔහු සඳහන් කළා.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට කිසිම තීරණයක් නොමැති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා. එසේ වුවත්, දින 03කට වඩා ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගැනීම සඳහා සඳුදා අවස්ථාවක් ලබා දීමට නියමිත බව ඔහු සඳහන් කළා.

Rivira Ads