(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 25 පස්වරු 05.31ට)
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා ඔක්තෝම්බර් 26 දින විවෘතව තැබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඔක්තෝම්බර් 25 දින නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ එම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍යවන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතකර අදාළ බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බවයි.
එසේම, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ මිල දී ගැනීම සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක ඔක්තෝම්බර් 26 දින ඒ සඳහා අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව ඔක්තෝම්බර් 26 දින පෙරවරු 8.00 සිට පස්වරු 10.00 ඒ සඳහා අවසර දී ඇත.

