(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 25 පස්වරු 06.30ට – යාවත්කාලීන කිරීම පස්වරු 10.20ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 25 වන ඉරිදා පස්වරු 09.45 වනවිට 7,872ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 88 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 89 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.
ඒ අනුව, දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 351 දෙනා අතුරින් වැඩිම පිරිසක් හමු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ උප පොකුර ආශ්‍රිතවයි. ඉතිරි ආසාදිතයින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා තහවුරු කළා. ඒ අතරින්,
නිරෝධායනයට ලක්ව සිටි – 36
පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 312
විදේශයන්ගේ සිට පැමිණි - 03
ඒ අනුව, ආසාදිතයින් 312 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා ධීවර වරායන් ආශ්‍රිතව ඇති වූ උප පොකුරෙන් හමුවන ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.
එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 4,398 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 55% ඉක්මවූ ප්‍රමාණයකි.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,803කි. සමස්ත ආසාදිතයින් අතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 4,054ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 4,000 සීමාව ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

