(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 25 පස්වරු 11.04ට)
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 16 වන මරණය ඔක්තෝම්බර් 25 අළුයම දී වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති 70 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව මීට සුළු මොහොතකට පෙර තහවුරු වී තිබෙනවා.
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා ඔක්තෝම්බර් 23 දින රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා. කෙසේ වෙතත් එම රෝගියා මියගොස් ඇත්තේ එම රෝගයේ සංකූලතා හේතුවෙන් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එහෙත් අදාළ පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බැවින් මෙරට 16 වන කොවිඩ්-19 ආසාදිත මරණය ලෙස එය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

