,
News

දුම්රිය රැසක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කෙරේ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 26 පස්වරු 02.08ට)

කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට වෙන් කළ විශේෂ දුම්රිය හැර ප්‍රධාන මාර්ගයේ පුත්තලම මාර්ගයේ, කැළණිවැලි මාර්ගයේ සියලුම කාර්යාල දුම්රිය සහ සියලුම මගී දුම්රියන් ඔක්තෝම්බර් 26 වන දින සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව, විභාගය පවතින අවස්ථාවලදී ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙකක් කොළඹ දෙසට ධාවනය කිරීමට නියමිත අතර පස්වරුවේ දුම්රිය හතරක් රඹුක්කන සහ පොල්ගහවෙල දක්වා ධාවනය කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

එමෙන්ම, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 06ක් පමණක් ධාවනය වන අතර එම දුම්රියන් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇත.

මීට අමතරව අලුත්ගම – ගාල්ල, ගාල්ල – බෙලිඅත්ත, පොල්ගහවෙල – මහව සහ නාවලපිටිය කොට්ඨාශයේත්, අනුරාධපුර කොට්ඨාශයේත් සියලුම කෙටිදුර දුම්රියන් නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Rivira Ads
To Top