(RIVIRA.LK, Colombo, යාවත්කාලීන වන වාර්තාවකි)
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදු වී ඇති මරණ ගණන නොවැම්බර් 15 දිනය වන විට 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය දැක්වෙන්නේ 0.31%ක් ලෙසයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති වයස්ගතම පුද්ගලයා වන්නේ වෛරසයෙන් මිය ගිය 34 වන පුද්ගලයා වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පුද්ගලයා යි. එසේම වයසින් අඩුම පුද්ගලයා වන්නේ වෛරසයෙන් මිය ගිය 18 වැනි පුද්ගලයා වන කෙසෙල්වත්ත පදිංචි 19 හැවිරිදි තරුණයා යි.
01 – පළමු මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ පළමු මරණය වාර්තා වූයේ 2020 මාර්තු මස 28 වන දිනයි. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ පුද්ගලයා මිය ගොස් ඇති අතර එම පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි පුද්ගලයෙකු බවත් දියවැඩියා රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
02 – දෙවන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ දෙවන මරණය වාර්තා වූයේ 2020 මාර්තු මස 30 වන දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති අතර එම පුද්ගලයා පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටිය දී මීගමුවට රෝහලට මාරු කර එවූ අයෙකු බව ද වාර්තා විය.
එම පුද්ගලයාට වෛරසය ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ ද මිය ගිය දිනයේ දී ම වන අතර ඔහු හෘදයාබාධයකින් පෙළි ඇති බවත් දීර්ඝකාලීන ස්වසන ආබාධයකින් පීඩා විඳි අයෙකු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
03 – තුන්වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ තුන්වන මරණය වාර්තා වූයේ 2020 අප්‍රේල් මස 01 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලට මාරු කිරීමට පියවර ගෙන ඇති අතර ඔහුව එම රෝහලට ඇතුළත් කරගන්නා අවස්ථාව වන විටත් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කළා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිට ඇති අදාළ පුද්ගලයා වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට ඇතුළත්ව ඇත. කෙසේ වෙතත් වෛරසයට නිරාවරණය වීමට ඉඩ තිබූ බව පවුලේ සාමාජිකයින් දැන සිට තිබුණ ද ඒ බව රෝහල් බලධාරීන් වෙත අනාවරණය කර නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. කෙසේ වෙතත් රෝගී තත්වයන් මත ඇති වූ සැකයක් මත පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට රෝහල් බලධාරීන් පියවරගෙන තිබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි.
එම පුද්ගලයා ද දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා. ඔහු රෝහල්ගත වී ඇත්තේ ද කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වය උත්සන්න වු අවස්ථාවේ දී බව අනිල් ජාසිංහ අනාවරණය කර සිටියේය.
04 – සිව්වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ සිව්වන මරණය වාර්තා වූයේ 2020 අප්‍රේල් මස 02 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා. එසේම ඔහු වෙනත් බරපතල රෝගාබාධයන්ගෙන් පෙළී ඇති පුද්ගලයෙකු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියා.
එම පුද්ගලයා සහ බිරිඳ ඉන්දියාවේ වන්දනා චාරිකාවක ගොස් පැමිණ ඇති අතර ගුවන්තොටුපළේ සිට නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන යාමට උත්සාහ කිරීමේ ඊට විරෝධය පළ කළ ඉතාලියේ සිට පැමිණ පිරිසකට මැදි වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අදාළ යුවලටම වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ට ඉන්දියාවේ දී හෝ ගුවන් තොටුපලේ ඇති වූ කළබලකාරී තත්වය අතරතුර වෛරසය ආසාදනය විය හැකිව තිබූ බවයි.
05 – පස්වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ පස්වන මරණය වාර්තා වූයේ 2020 අප්‍රේල් මස 04 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම/අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිකන්ද මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය දී මාර්තු 23 දින ආසාදිත බව හඳුනාගැනීමෙන් පසුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර මාර්තු 26 දින එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටිය දී අප්‍රේල් 04 දින නිව්මෝනියා තත්වය උත්සන්න වීමෙන් මියගොස් තිබෙනවා. ඔහු වෙනත් බරපතල රෝගාබාධයන්ගෙන් පීඩා විඳි අයෙකු නොවන බව ද තහවුරු කෙරුණා.
06 – හයවන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ හයවන මරණය වාර්තා වූයේ 2020 අප්‍රේල් මස 07 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
අසනීප තත්වයක් හේතුවෙන් මාර්තු 27 දින කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ඔහු මාර්තු 30 වැනිදා කොවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට මාරු කර යවා තිබෙනවා. මිය ගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මග පෙන්වන්නෙකු වන අතර එම පවුලේ මිය ගිය පුද්ගලයාට, ඔහුගේ බිරිඳට, දියණියගේ සැමියාට සහ දියණියගේ දරුවාට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණා.
07 – හත්වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ හත්වන මරණය වාර්තා වූයේ 2020 අප්‍රේල් මස 08 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
අදාළ පුද්ගලයා නිරෝධායන නීති අනුගමනය නොකිරීම හේතුවෙන් පාර්ශව රැසක් දැඩි අපහසුතාවයකට පත් ව තිබුණා. මැණික් ව්‍යාපාරිකයෙකු වන එම පුද්ගලයා තවත් මිතුරන් සමග ජර්මනියේ සංචාරය කර මාර්තු 11 දින මෙරටට පැමිණ ඇති පුද්ගලයෙකි. ඒ අවස්ථාවේ දී අදාළ පුද්ගලයාට උණ රෝගී තත්වයක් තිබූ බවට කරුණු වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් කොළඹ පදිංචි ඔහු සමග ජර්මනියේ ගොස් පැමිණි මිතුරාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වී තිබුණා.
එම තත්වයත් සමග සෞඛ්‍ය හා ආරක්ෂ අංශ මෙම පුද්ගලයාව සොයාගෙන ඔහුට ද රෝහල්ගත වන ලෙස උපදෙස් ලබා දී තිබුණ ද ඔහු එම උපදෙස් ඉවත දමමින් පවුලේ වෛද්‍යවරයාගෙනුත්, තවත් වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකිනුත් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. එම ස්ථානවලින් ද මෙම පුද්ගලයාට රෝහල්ගත වන ලෙස දැනුම් දී තිබුණද මොහු එම උපදෙස් ද පිළිගෙන නැති අතර පසු අවස්ථාවක දී කොරෝනා තත්වය ප්‍රකාශ නොකර කළුබෝවිල රෝහලට ඇතුළත් වී තිබුණා. එහිදී බුද්ධි අංශ වෙත අනාවරණය වීමෙන් පසු අදාළ පුද්ගලයාව IDH රෝහල වෙත මාරු කර තිබෙන අතර එහිදී මියගොස් තිබුණා. මෙම පුද්ගලයා අධි රුධිර පීඩනය රෝගයෙන් ද පීඩා විඳි අයෙකි.
එසේම ආසාදිතව රෝහල්ගත නොවී සිටින කාලය අතරතුර රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙකු ද මුණ ගැසී ඇති අතර රත්නපුර මැණික් ව්‍යාපාරිකයාට, බිරිඳට, දරුවන්ට හා පවුලේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබුණා. ඒ හේතුවෙන් රත්නපුරයට ද කොවිඩ් අවදානමක් මතුව තිබුණා.
මෙම පුද්ගලයාට සහ ඔහුට සැඟවීමට සහය දුන් පිරිසට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ නිරෝධායන නීති අනුගමනය නොකිරීම නිසාවෙන් ගොනු කළ පළමු නඩුව බව ද ඔහු සඳහන් කළා.
08 – අටවන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ අටවන මරණය වාර්තා වූයේ 2020 මැයි මස 04 වන දිනයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. ඇය මෙරට දී කොවිඩ්-19 වෛරසයෙන් මිය ගිය පළමු කාන්තාව යි. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියේ ඇය වකුගඩු රෝගී තත්ත්වයකින් ද පීඩා විඳි අයෙකු බවයි.
09 – නවවන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ නවවන මරණය වාර්තා වූයේ 2020 මැයි මස 05 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචි 52 හැවිරිදි කාන්තාවකි. ඇය මෙරට දී කොවිඩ්-19 වෛරසයෙන් මිය ගිය දෙවන කාන්තාව යි. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
ස්වශන ආබාධයකින් මාසයක් පමණ පීඩා විඳ ඇති අදාළ කාන්තාව මාසයකට පමණ පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබුණා. පසුව කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් පසුව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
10 – දසවන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ දසවන මරණය වාර්තා වූයේ 2020 මැයි මස 25 වන දිනයි. ඒ කළුතර දිස්ත්‍රික්කයේ පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. ඇය මෙරට දී කොවිඩ්-19 වෛරසයෙන් මිය ගිය තෙවන කාන්තාව යි. ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් තිබෙනවා.
එම කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවකි. එසේම, හෘද රෝගයකින් ද පෙළී ඇති අදාළ කාන්තාව මැයි 25 උදෑසන හදිසියේ රෝගාතුර වී ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානය බාරව සිටි යුද හමුදාව විසින් ඇයව ත්‍රිකුණාමලය රෝහලට වෙත ගෙන ගොස් තිබුණි. පසුව අදාළ කාන්තාව මිය ගොස් ඇති බව යුද හමුදාව වෙත දන්වා තිබු අතර පසුව කාන්තාව සම්බන්ධයෙන් සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයක දී ඇය කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තාවක බව තහවුරු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබුණා.
11 – එකොළොස්වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ එකොළොස්වන මරණය වාර්තා වූයේ 2020 ජුනි මස 01 වන දිනයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදියගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.
ඔහු කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට ඇතුළත් කළ අයෙකි. මිය ගිය පුද්ගලයා කුවේට් හී සූපවේදියෙකු ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවට පැමීණීමෙන් පසු මින්නේරිය නිරෝධානය මධ්‍යස්ථානයේ දින 7 සිට ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 වෛරසය ආසාදිත අයෙකු බව හඳුනාගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ මිය ගිය පුද්ගලයා අධික ලෙස දුම්පානයට පුරුදු වී සිටි අයෙකු බැවින් ශ්වසන අපහසුතාවය තිව්ර වී ඇති බවයි.
12 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ දොළොස්වන මරණය වාර්තා වූයේ 2020 අගෝස්තු මස 23 වන දිනයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවකි. ඇය මෙරට දී කොවිඩ්-19 වෛරසයෙන් මිය ගිය සිව්වන කාන්තාව යි. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
අදාළ කාන්තාව අගෝස්තු 20 දින ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන් පසු ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මූලිකව ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර අදාළ කාන්තාව තවත් රෝග කිහිපයකින්ම පෙළුනු අයෙකු බව හඳුනා ගැනීමෙන් පසු අගෝස්තු 22 රාත්‍රියේ කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී පැමිණි හෘදයාබාධයකින් ඇය මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා. එසේම අදාළ කාන්තාව පිළිකාවකින් පෙළුනු අයෙක් බව සහ හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව හඳුනාගෙන ඇතැයි ද IDH රෝහල සඳහන් කළා. ඉන්දියාවට ගොස් තිබුණේ ද පිලිකා තත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බව ද අනාවරණය වී තිබුණි.
13 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ දහතුන්වන මරණය වාර්තා වූයේ 2020 සැප්තැම්බර් මස 14 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.
එම පුද්ගලයා සැප්තැම්බර් 02 දින බහරේනයේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර නාවිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එදින සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ආසාදිතයෙකු නොවන බව හඳුනාගෙන නිරෝධායනයට යොමු කර සිටිය දී සැප්තැම්බර් 09 දින රෝග ලක්ෂණ මතු වී තිබෙනවා. ඒ අනුව හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැප්තැම්බර් 14 දින මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව හෘදයාබාධයක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.
14 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ දාහතරවන මරණය වාර්තා වූයේ 2020 ඔක්තෝම්බර් මස 22 වන දිනයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි. ඇය මෙරට දී කොවිඩ්-19 වෛරසයෙන් මිය ගිය පස්වන කාන්තාව යි. ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් තිබෙනවා.
කුලියාපිටිය රෝහලට ඇතුළත් වීමෙන් පසු ඔක්තෝම්බර් 17 දින IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර අදාළ කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පීඩා විඳි අයෙකු බවත් එම රෝගී තත්වයන්වල සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 01 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 14 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
15 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ පහළොස්වන මරණය වාර්තා වූයේ 2020 ඔක්තෝම්බර් මස 24 වන දිනයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, ඌරලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.
හදවත් රෝගී තත්ත්වයක් සහ වකුගඩු රෝගී තත්වයකින් පීඩා විඳිමින් සිටි එම පුද්ගලයා එම රෝගවල සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ පුද්ගලයා හෘද රෝග තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔක්තෝම්බර් 14 දින කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව දින දෙකක් තුළ ඔහුගේ රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කරමින් සිටිය දී ඔක්තෝම්බර් 24 අලුයම ඔහු මියගොස් තිබෙනවා. රෝහලේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් පසු ඔහුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 02 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 15 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
16 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ දහසයවන මරණය වාර්තා වූයේ 2020 ඔක්තෝම්බර් මස 25 වන දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.
එම පුද්ගලයා ඔක්තෝම්බර් 23 දින රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා. කෙසේ වෙතත් එම රෝගියා මියගොස් ඇත්තේ එම රෝගයේ සංකූලතා හේතුවෙන් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
එහෙත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අදාළ පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බැවින් එය මෙරට 16 වන කොවිඩ්-19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 03 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 16 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
17 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 17 වන මරණය වාර්තා වූයේ ඔක්තෝම්බර් 27 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.
එම රෝගියා ශිරෝසීස් රෝග තත්වයකින් පීඩා විඳි බව IDH රෝහල පවසනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 04 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 17 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
18 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 18 වන මරණය ද වාර්තා වූයේ ඔක්තෝම්බර් 27 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් එම තරුණයා මිය ගොස් සිට ඇති බව රෝහල තහවුරු කළා.
පසුව දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බවත්, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 05 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 18 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
19 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ 19 වන මරණය ද වාර්තා වූයේ ඔක්තෝම්බර් 27 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ දී එම කාන්තාව මිය ගොස් සිට ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.
එම කාන්තාව වසරක පමණ කාලයක සිට එක්තැන්ව සිට ඇති කාන්තාවකි. මිය යාමට දින කිහිපයකට පෙර එම කාන්තාවගේ දියණිය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙන් මාළු ගෙනැවිත් තිබී ඇති අතර ඔහු පුත්‍රයා විසින් එම මාළු විසි කිරීමට යාමේ දී අසැල්වැසියෙකු ඒ බව දැක සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණා. ඒ අනුම එම නිවස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබූ අතර එම කාන්තාව නිවසේ දී ම මියගොස් තිබුණා. පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 06 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 19 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන වාර්තා වූයේ ඔක්තෝම්බර් 27 දිනයි. එදින මරණ 3ක් වාර්තා විය. එනම් 17,18 සහ 19 යන මරණ යි.
20 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 20 වන මරණය වාර්තා වූයේ ඔක්තෝම්බර් 31 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි කාන්තාවකි. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් තිබෙනවා.
දියවැඩියා රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔක්තෝම්බර් 30 වන එම කාන්තාව මියගොස් තිබෙනවා. ඒ අනුව, පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව ලැබී ඇත්තේ ඔක්තෝම්බර් 31 පෙරවරුවේ දී යි. ඒ අනුව එම කාන්තාව කොවිඩ්-19 ආසාදිතයෙකු බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 07 වන මරණයක් ලෙසත්, සමස්තයක් ලෙස 20 වන මරණය ලෙසත් වාර්තා වේ.
21 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 21 මරණය වාර්තා වූයේ නොවැම්බර් 01 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.
අධි රුධිර පීඩනය හා ශ්වසන රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට ඔක්තෝබර් 23 දින වැලිසර ලය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔක්තෝම්බර් 31 වන එම පුද්ගලයා මියගොස් තිබෙනවා. ඒ අනුව, සිදුකළ පළමු පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව සඳහන් වුවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සිදුකර ඇති දෙවන පීසීආර් පර්ක්ෂණයේ දී ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 08 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 21 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
22 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 22 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 03 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන ප්‍රදේශයේ ජම්පටා වීදියේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. නොවැම්බර් 01 දින නිවසේ දී මියගොස් ඇති අදාළ කාන්තාව පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.
එම කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර පවුලේ සාමාජිකයින් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබී ඇත. අදාළ කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර ඇත. එහි වාර්තාව අනුව එම කාන්තාවට වෛරසය ආසාදිත බවත් මිය යාමට ආසන්නතම හේතුවෙන් කොරෝනා වෛරසය හේතුවෙන් නියුමෝනියා තත්වයට පත්වීම බවත් නිගමනය කර තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 09 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 22 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
23 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 23 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 03 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 15 පදිංචි 61 හැවිරිදි කාන්තාවකි. නොවැම්බර් 02 දින නිවසේ දී මියගොස් ඇති අදාළ කාන්තාව පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු වී තිබුණා.
මෙම කාන්තාවට උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝගී තත්වයන් තිබී ඇති බවත්, මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 10 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 23 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
24 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 24 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 04 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 13 පදිංචි 79 හැවිරිදි කාන්තාවකි. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකින් නොවැම්බර් 03 දින සිය නිවසේ දී අදාළ කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
මෙම කාන්තාව මසකට අධික කාලයක් රෝගාතුරව සිය නිවසේ ගතකර ඇති බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙළුනු අයෙකු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇත. එසේම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 11 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 24 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
25 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී 25 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 05 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 02 පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පිඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී නොවැම්බර් 04 දින මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.
මෙම පුද්ගලයා දීර්ග කාලීන වකුගඩු රෝගී තත්වයකින් පීඩා විඳි අයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 12 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 25 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
26 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 26 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 05 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී නොවැම්බර් 04 දින මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබුණා.
එම කාන්තාවගේ දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම කාන්තාවට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 13 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 26 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
27 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 27 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 05 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අදාළ කාන්තාවට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බවත්, මරණයට ආසන්නතම හේතුව කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවත් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 14 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 27 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
28 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 28 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 05 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අදාළ කාන්තාවට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බවත්, මරණයට ආසන්නතම හේතුව කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ පෙනහළු ආසාදනයක් බවත් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 15 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 28 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
29 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 29 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 05 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අදාළ කාන්තාවට කොවිඩ්-19 වෛරසය වැළඳී ඇති බවත්, මරණයට ආසන්නතම හේතුව කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවත් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 16 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 29 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන වාර්තා වූයේ නොවැම්බර් 05 දිනයි. එදින මරණ 5ක් වාර්තා විය. එනම් 25,26,27,28 සහ 29 යන මරණ යි.
30 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 30 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 06 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම තරුණයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මරණයට ආසන්නතම හේතුව දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 ආසාදනය වීම බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 17 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 30 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
31 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 31 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 07 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 10 පදිංචි 42 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ දීර්ග කාලීන හෘද රෝගයකින් ද පෙළී ඇති බවයි. එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගය සමඟ කොවිඩ්-19 ආසාදනය වීමයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 18 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 31 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
32 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 32 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 07 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
දීර්ඝ කාලීනව රෝගාබාධ රාශියකින් පෙලී ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම සමඟ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 19 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 32 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
33 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 33 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 07 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. එම පුද්ගලයා ද සිය නිවසේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
දීර්ඝ කාලීන රෝගාබාධයන්ගෙන් පෙලී ඇති අතර දින ගණනක් උණ රෝගයෙන් පෙලී ඇති බව ද අනාවරණය වී ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම සමඟ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 20 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 33 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
34 වන මරණය
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 34 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 07 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. අංගොඩ ජාතික බෝවන විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මිනුවන්ගොඩ ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කර සිටිය දී ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. පසුව ලග්ගල පල්ලේගම රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අංගොඩ ජාතික උණ රෝහලට මාරු කර එවීමෙන් පසු එහිදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඇති වූ නියුමෝනියාව සමඟ ලේ විෂ වීමකි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 21 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 34 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
35 වන මරණය
ශ්‍රී ලංකාවේ 35 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 08 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 19 පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රෝහල්ගත කරන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 22 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 35 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
36 වන මරණය
ශ්‍රී ලංකාවේ 36 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 09 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. පෞද්ගලික රෝහලක සිට ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
දීර්ග කාලයක් රෝගාතුරව සිට ඇති එම කාන්තාවගේ මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්වයකි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 23 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 36 වන මරණය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
37 වන මරණය
ශ්‍රී ලංකාවේ 37 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 10 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරිය පිහිටි වැඩිහිටි නිවාසයක ජීවත් වූ 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
නොවැම්බර් 07 දින ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 නියුමෝනියා තත්වයයි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 24 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 37 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
38 වන මරණය
ශ්‍රී ලංකාවේ 38 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 10 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජාතික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඔක්තෝම්බර් 23 දින ජාතික රෝහලට ඇතුළත් කර ඇති එම පුද්ගලයාගේ මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ ස්වසන පද්ධතියේ ආසාදනයකි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 25 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 38 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
39 වන මරණය
ශ්‍රී ලංකාවේ 39 වන කොවිඩ්-19 මරණය වාර්තා වූයේ නොවැම්බර් 10 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි. ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
නොවැම්බර් 09 දින ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති එම කාන්තාවගේ මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය යි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 26 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 39 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
40 වන මරණය
ශ්‍රී ලංකාවේ 40 වන කොවිඩ්-19 මරණයවාර්තා වූයේ නොවැම්බර් 10 දිනයි. ඒ වයස අවුරුදු 55-60 අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නොවැම්බර් 08 දින ඉදිරිපත් කර ඇති අතර එහිදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමයි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 27 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 40 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
41 වන මරණය
ශ්‍රී ලංකාවේ 41 වන මරණය වාර්තා වූයේ ද නොවැම්බර් 10 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
රාගම රෝහලේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ දීර්ග කාලීනව පැවති පිළිකා තත්වයක් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් උත්සන්න වීම බවයි.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 28 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 41 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
නොවැම්බර් 05 දිනය තුළ වාර්තා වූ මරණ ගණන 05කි.
42 වන මරණය
ශ්‍රී ලංකාවේ 42 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 11 දිනයි. ඒ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 29 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 42 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
43 වන මරණය
ශ්‍රී ලංකාවේ 43 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 11 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී එම පුද්ගලයා මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බවයි. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාද තත්ත්වය යි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 30 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 43 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
44 වන මරණය
ශ්‍රී ලංකාවේ 44 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 11 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොරෝනා ආසාදිතයෙකු ලෙස හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
නොවැම්බර් 01 දින හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති එම පුද්ගලයා මිය යාමට ආසන්නතම හේතුවෙන් ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාද තත්ත්වය යි. මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 31 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 44 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
45 වන මරණය
ශ්‍රී ලංකාවේ 45 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 11 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 11 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. එම කාන්තාව සිය නිවසේ දී මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇයට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් බවයි.
ඒ අනුව, මෙය දිනය තුළ වාර්තා වූ 04 වන මරණය වන අතර ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 32 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 45 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
46 වන මරණය
ශ්‍රී ලංකාවේ 46 වන මරණය වාර්තා වූයේ ද නොවැම්බර් 11 දිනයි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ ලියුකේමියා තත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයකි.
ඒ අනුව, මෙය දිනය තුළ වාර්තා වූ 05 වන මරණය වන අතර ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 33 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 46 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
නොවැම්බර් 11 දිනය තුළ වාර්තා වූ මරණ ගණන 05කි.
47 වන මරණය
ශ්‍රී ලංකාවේ 47 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 12 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ නිධන්ගත පෙනහළු රෝගය සමග කොවිඩ්-19 ආසාදනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 34 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 47 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
48 වන මරණය
ශ්‍රී ලංකාවේ 48 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 12 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම සමග ද්වියික බැක්ටීරියා ආසාදනයකි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 35 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 48 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
49 වන මරණය
ශ්‍රී ලංකාවේ 49 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 13 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ සිටිය දී එම කාන්තාව මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ්-19 ආසාදියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොවිඩ්-19 ආසාදනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 36 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 49 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
50 වන මරණය
ශ්‍රී ලංකාවේ 50 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 13 දිනයි. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
ප්‍රථමයෙන් හලාවත දිස්ත්‍රික් රෝහලේ දී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන පසුව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත. මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 ආසාදනය වීම සමග අධි රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට ලේ වහනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 37 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 50 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
51 වන මරණය
ශ්‍රී ලංකාවේ 51 වන මරණය වාර්තා වූයේ නොවැම්බර් 13 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල්ගත කරන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයකි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 38 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 51 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
52 වන මරණය
ශ්‍රී ලංකාවේ 52 වන මරණය වාර්තා වූයේ ද නොවැම්බර් 13 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාද් මරණ පරීක්ෂණයේ දී මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීම සමග ඇතිවූ හෘදයාබාධයකි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 39 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 52 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
53 වන මරණය
ශ්‍රී ලංකාවේ 53 වන මරණයවාර්තා වූයේ ද නොවැම්බර් 13 දිනයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළම 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ සිටිය දී එම පුද්ගලයා මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ ඇදුම රෝගය සහිත එම පුද්ගලයාට කොවිඩ්-19 ආසාදනය වීමයි. ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවන රැල්ලේ 40 වන මරණය ලෙසත් සමස්තයක් ලෙස 53 වන මරණය ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
නොවැම්බර් 13 දිනය තුළ වාර්තා වූ මරණ ගණන 05කි.

