කොවිඩ්-19

දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 541 දක්වා ඉහළට, 499 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 26 පස්වරු 10.54ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 26 වන සඳුදා පස්වරු 10.15 වනවිට 8,413ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 261 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 130 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

ඒ අනුව, දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 541 දෙනා අතුරින් වැඩිම පිරිසක් හමු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ උප පොකුර ආශ්‍රිතවයි.

  • නිරෝධායනයට ලක්ව සිටි – 42
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 499

ඒ අනුව, ආසාදිතයින් 499 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා ධීවර වරායන් ආශ්‍රිතව ඇති වූ උප පොකුරෙන් හමුවන ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 4,939 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 58% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 3,933කි. සමස්ත ආසාදිතයින් අතුරින් 16 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 4,464ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top