(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 05.24ට)
කොවිඩ්-19 වෛරසය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යමින් තිබෙනවා. වෛරසය පරාජය කළ ශ්‍රී ලංකාව තුළ දෙවැන රැල්ල ඇති වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය කේන්ද්‍ර කරගෙනයි.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනය මගින් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර සති දෙකක් තුළ ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.
නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ඊට අදාළ උපදෙස් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බවයි.

