,
News

රිෂාඩ් බදියුදීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි, යළි රිමාන්ඩ් කෙරේ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 05.40ට)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, නොවැම්බර් 10 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා ඔක්තෝම්බර් 27 දින නියෝග කළා.

2019 ජනාධිපතිවරණ සමයේ දී සිදුකළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේ දී රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ ද එම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයාව යළිත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

මන්ත්‍රීවරයා ඔක්තෝම්බර් 19 පෙරවරු 03.30ට පමණ විශේෂ බුද්ධි මෙහෙයුමකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය, පොදු දේපළ 5 වන වගන්තිය යටතේ වන වැරදි සිදුකිරීම සහ ජනාධිපතිවරණ පනතේ 82 සහ 86 වගන්ති යටතේ සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගාරගත කර තිබුණි.

Rivira Ads
To Top