,

හෝමාගම, මොරටුව හා පානදුරට ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 10.28ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බලප්‍රදේශ 04කට ඔක්තෝම්බර් 27 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව, මොරටුව, හෝමාගම, පානදුර දකුණ හා පානදුර උතුර යන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශ මෙසේය,

  1. මට්ටක්කුලිය
  2. මෝදර
  3. බ්ලූමැන්ඩල්
  4. ග්‍රෑන්ඩ්පාස්
  5. වැල්ලම්පිටිය
  6. දෙමටගොඩ
  7. මරදාන
  8. ගොතටුව
  9. මුල්ලේරියාව
  10. මාලිගාවත්ත
  11. කෙසෙල්වත්ත
  12. ඩෑම් වීදිය
  13. ආදුරුප්පු වීදිය
  14. වෙරළබඩ පොලීසිය
  15. කොටුව
  16. පිටකොටුව
  17. බොරැල්ල
  18. වැලිකඩ
  19. මොරටුව
  20. හෝමාගම
  21. පානදුර දකුණ
  22. පානදුර උතුර

ඒ අනුව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 22කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

Rivira Ads