කොවිඩ්-19

Brandix පොකුරෙන් අදත් 457ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 11.21ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 27 වන අඟහරුවාදා පස්වරු 06.00 වනවිට 8,870ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 110 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා. එසේම දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 457 දෙනා අතුරින් වැඩිම පිරිසක් හමු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ උප පොකුර ආශ්‍රිතවයි. එසේම දෙවන රැල්ලට අදාළව දින 05 තුළ කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

  • නිරෝධායනයට ලක්ව සිටි – 10
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 447

ඒ අනුව, ආසාදිතයින් 447 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා ධීවර වරායන් ආශ්‍රිතව ඇති වූ උප පොකුරෙන් හමුවන ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 5,396 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 60% ඉක්මවූ ප්‍රමාණයකි.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,043කි. සමස්ත ආසාදිතයින් අතුරින් 19 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 4,808ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top