කොවිඩ්-19

රෝගීන් 1,200කට එකවර ප්‍රතිකාර කිරීමේ පහසුකම් සමග ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොදා ගනී

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 28 පස්වරු 05.35ට)

මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කළේ පොලළොන්නරුව රෝහලේ අධීක්ෂණය යටතේ එය සිදු කෙරෙන බවයි. වෛරසය ආසාදිත රෝගීන්ට රෝහල් පහසුකම් ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවත්, ඒ අනුව ඊට ගැලපෙන ස්ථාන හඳුනාගෙන යොදා ගන්නා ලෙස උපදෙස් දුන් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා. එහිදී හුදෙකලා ප්‍රදේශයක ඉදිකර ඇති සියලු පහසුකම්වලින් සමන්විත මෙම විශ්වවිද්‍යාල ද ඒ සඳහා යොදාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව, එම ස්ථානය රෝගීන් 1,200කට එකවර ප්‍රතිකාර ලබාදීය හැකි පහසුකම් සහිතව කෙටි කාලයක් ඇතුළත් සූදානම් කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ද පොළොන්නරුව මහ රෝහල මගින් සපයා දී ඇත.

ඔක්තෝම්බර් 28 දින රෝගීන් ඇතුළත් කරමින් නව ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේ දී රෝහල් අධ්‍යක්වරයා මේ බව සඳහන් කළේ ය.

Rivira FB Group Rivira Youtube
To Top