ශ්‍රී ලංකාවේ දී හඳුනාගත් ආසාදිතයින් 9,000ත් ඉක්මවයි
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 28 පස්වරු 07.30ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 28 වන බදාදා පස්වරු 07.00 වනවිට 9,081ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 32 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.
ඒ අනුව, දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 211 දෙනා අතුරින් වැඩිම පිරිසක් හමු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ උප පොකුර ආශ්‍රිතවයි.
නිරෝධායනයට ලක්ව සිටි – 09
පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්රිත – 202
ඒ අනුව, ආසාදිතයින් 202 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලට පිටිනි. එසේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හා ධීවර වරායන් ආශ්‍රිතව ඇති වූ උප පොකුරෙන් හමුවන ආසාදිතයින් ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.
එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 5,607 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 61% ඉක්මවූ ප්රමාණයකි.
එසේම අවසන් දින 07ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 3,269ක් ලෙස සටහන් ව තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,075කි. සමස්ත ආසාදිතයින් අතුරින් 19 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 4,987ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.