කොවිඩ්-19

ඇහැළියගොඩටත් සංචරණ සීමා පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 29 පෙරවරු 11.11ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් බලප්‍රදේශය ඔක්තෝම්බර් 29 දින මධ්‍යම රාත්‍රි 12 සිට නොවැම්බර් 02 සදුදා පෙරවරු 05 දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.

ඇහැළියගොඩින් මේ වනවිට ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එය රත්නපුර දිස්ත්‍රික්කයේ එක් ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම ප්‍රමාණය බවත් ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ සඳහන් කළේ ය.

ඒ අනුව මෙලෙස සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කුමාරසිංහ සඳහන් කළේ ය. මීට අමතර රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වල, සිරිපාගම ප්‍රදේශවලට පැනවු සංචරණ සීමාවන් ද තවදුරටත් ක්‍රියාත්මක ද පවතින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top