(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 29 පස්වරු 12.20ට)
සංශෝධන සහිතව ඔක්තෝම්බර් 22 දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඔක්තෝම්බර් 29 වන දින සිය අත්සන යොදා සම්මත වූ බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව, ඊට අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිතයි.
ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔක්තෝම්බර් 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට මූලික නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වීම ආරම්භ වන බව පාර්ලිමේන්තුවෙන් නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළා.
20 වන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් විසින් 2020 ඔක්තෝම්බර් 21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඔක්තෝම්බර් 22 දෙවැනි වර කියවීමේ විවාදය අවසානයේ පැවති ඡන්ද වීම වීමසීමෙන් පක්ෂව 156ක් ලෙසත් විපක්ෂව 65ක් ලෙසත් ඡන්දය හිමිවීමෙන් අනතුරුව සම්මත විය. ඉන්පසු කාරක සභා අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂය විසින් තවත් සංශෝධන කිහිපයක් එක් කළ අතර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තියට විපක්ෂය විසින් ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී එම වගන්තියට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් ලැබුණි.
ඉන් අනතුරුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 156; විරුද්ධව 65; වැළකී සිටි 0; නොපැමිණි 01) තුන්වැනි වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරන ලදී. ඡන්දයට නොපැමිණ සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණයි. එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ නියෝජිතයින් මෙතෙක් නම් කර නොතිබීම හේතුවෙන් එම පාර්ලිමේන්තු නියෝජනය 223ක් ලෙසත් ඉන් කථානායකවරයා හැරුණුකොට මන්ත්‍රීවරුන් 222ක් ඡන්දය ලබා දීම සඳහා නියමිතව සිටි බව පාර්ලිමේන්තුව කියා සිටී. එහිදී හිටපු ජනාධිපතිවරයා නොපැමිණීම හේතුවෙන් සමස්ත ඡන්ද ප්‍රමාණය 221ක් ලෙස සටහන්ව තිබේ.
කථානායකවරයා ඡන්ද භාවිතා කරන්නේ තීරක ඡන්දයක් ලෙසයි. යම් හෙයකින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ සමාන ඡන්ද ලැබූ විට කථානායකවරයා සිය ඡන්දය භාවිතා කරයි.

