(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 29 පස්වරු 01.08ට)
කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාන්තන්කුඩි හී පවතින සියලුම දේවස්ථාන වසා දැමීමට කාත්තන්කුඩි ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 29 දින සිට ක්‍රියාත්මක කෙරෙන එම තීරණය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බව එම කමිටුව සඳහන් කරනවා. එසේම රූපලාවන්‍ය මධ්‍යස්ථාන සහ කොණ්ඩා කපන ස්ථානයන් ද නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එම කමිටුව තීරණය කර තිබෙනවා.
හෝටල් සහ ආපන ශාලා තුළ ආහාර ගැනීමට ඉඩ ලබා නොදීමටත් ආහාර රැගෙන යාම සඳහා පමණක් භාවිතා කිරීමට ඉඩ දීමටත් එම කමිටුව පියවර ගෙන තිබෙනවා. මීට අමතරව ප්‍රදේශයේ සියලු ආකාරයේ ජනතාව ඒකරාශී වන ස්ථාන හඳුනාගෙන ඒවා නැවැත්වීමටත් වසා දැමීමටත් කාත්තන්කුඩි ප්‍රාදේශී කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් ඇති නගරය ලෙස සැළකෙන්නේ කාත්තන්කුඩි නගරය යි.

