(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 29 පස්වරු 04.55ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 04.30 වනවිට 9,205ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට සාපේක්ෂක 430ක් පමණ වේ.
එසේම, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන ඔක්තෝම්බර් 29 පස්වරු 04.30 වනවිට 480,838ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව, ජනගහණය මිලියනයකට සාපේක්ෂව සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 22,469ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔක්තෝම්බර් 21 දින සිට ඔක්තෝම්බර් 28 දිනය දක්වා සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 74,372ක් වන අතර ඉන් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන 3,393ක් වේ.
එසේම, මෙතෙක් ඉතිහාසයේ දෛනිකව සිදුකර ඇති පීසීආර් අතරින් වැඩිම පරීක්ෂණ ගණනක් සිදුකර ඇත්තේ ද ඔක්තෝම්බර් 28 දින යි. එදින සමස්ත පීසීආර් පරීක්ෂණ 11,552ක් සිදුකර නව ආසාදිතයින් 335 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මීට පෙර වැඩිම පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකර තිබුණේ ඔක්තෝම්බර් 26 දින යි. එදින පරීක්ෂණ 9,619ක් සිදුකර තිබුණා.

