Covid-19

කුරුණෑගල, විල්ගොඩ ග්‍රාමය හුදෙකලා කෙරේ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 30 පස්වරු 06.36ට)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විල්⁣ගොඩ ග්‍රාමය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සඳහන් කරනවා.

ඒ අනුව එම ප්‍රදේශයට ඇතුල් වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එම ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 08 දෙනෙකු හමු වී ඇති අතර එය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහන් මෙම පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, උසස් පෙළ සිසුන්ට සිය විභාග කටයුතු සඳහා මෙම පියවර බාධාවක් නොවන බව පොලීසිය සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top