කොවිඩ්-19

Brandix පොකුරෙන් අදත් 633ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 30 පස්වරු 10.15ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 30 වන සිකුරාදා පස්වරු 10.00 වනවිට 10,424ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 319 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 140 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.

දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදතියන් ගණන 633ක් වන අතර ඔවුන් අතරින්,

  • නිරෝධායනයට ලක්ව සිටි – 138
  • පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්‍රිත – 495

එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 6,946දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 66% ඉක්මවූ ප්‍රමාණයකි.

එසේම, දිස්ත්‍රික්ක 25න් 24කම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,282කි. සමස්ත ආසාදිතයින් අතුරින් 19 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 6,123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top