Covid-19

ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි, වැඩි විස්තර මෙන්න

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 31 පෙරවරු 09.46ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ විසිවන (20) මරණය ඔක්තෝම්බර් 31 දින වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි කාන්තාවකි. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් තිබෙනවා.

දියවැඩියා රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔක්තෝම්බර් 30 වන එම කාන්තාව මියගොස් තිබෙනවා. ඒ අනුව, සිදුකළ පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව ලැබී ඇත්තේ ඔක්තෝම්බර් 31 පෙරවරුවේ දී යි. ඒ අනුව එම කාන්තාව කොවිඩ්-19 ආසාදිතයෙකු බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 07 වන මරණයක් ලෙසත්, සමස්තයක් ලෙස 20 වන මරණය ලෙසත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 31 වන සෙනසුරාදා පෙරවරු 09.45 වනවිට 10,424ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,282කි. සමස්ත ආසාදිතයින් අතුරින් 20 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 6,123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top