(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 31 පස්වරු 12.45ට)
අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ පොලීසිය විසින් සමසිරි පුද්ගලයින්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පුද්ගලික අංශ පිලිබඳව බලහත්කාරයෙන් පරීක්ෂණ පවත්වන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්දයෙන් සිය අවධානය යොමුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි පවසනවා.
එම වාර්තා සත්‍යයක් නම්, එය සැබවින්ම පීඩාකාරී තත්වයක් පිළිබඳ හෙළිදරව්වක් බව පවසන අමාත්‍යවරයා ඒ පිළිබඳ වහාම සොයා බැලිය යුතු බව එම නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. එසේම සියලු ශ්‍රී ලාංකිකයන්ට ගෞරවයෙන් හා පීඩා වලට බිය නොවී ජීවත් වීමට අයිතියක් ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එසේම, කිසිම පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික මනාපය හෝ අනන්‍යතාවය පදනම් කරගෙන කිසිදු ආකාරයක අපයෝජනයක්, අගෞරවයක් හෝ අසාධාරණයක් සිදු නොවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව ද අධිකරණ අමාත්‍යවරයා පවසනවා.
මෙම කාරණය සම්බන්ධයෙන් තමන් දැනටමත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළ බව පවසන අමාත්‍යවරයා කියා සිටින්නේ එම චෝදනාවල බරපතළකම සැලකිල්ලට ගනිමින් මෙම සිදුවීම් නිසි ලෙස විමසා බැලීමට කටයුතු කරන තෙක් මෙම භාවිතයෙන් වළකින ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවයි.
එමෙන්ම, සියලු ශ්‍රී ලාංකිකයන්ට නිදහස්, සාධාරණ හා සහභාගීත්ව පරිසරයක් නිර්මාණය කිරීමට තමන් ඇතුළු පිරිස කැපවී සිටින බව අවධාරණය කර සිටින බව ද අධිකරණ අමාත්‍යවරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

සමරිසි පුද්ගලයින් (LGBT – Lesbian, Gay, Bisexual, Transgender) යනු කාන්තාවන් දෙදෙනෙකු අතර සිදුවන ලිංගික සබඳතාවය හෝ පුරුෂයින් දෙදෙනෙකු අතර සිදුවන ලිංගික සබඳතාවය හෝ යම් පිරිමියෙක්, කාන්තාවක් එකී දෙපාර්ශවය කෙරේම ඇති ලිංගික ආකර්ශනය සහ පිරියෙකු හෝ කාන්තාවක ලෙස ඉපිද පසුව සිය ලිංගිකත්වය මාරු වී හෝ මරු කිරීමෙන් පසු පුද්ගලයෙකුට ඇතිවන ලිංගික ආකර්ෂණය යි. එනම් තමන්ගේ ලිංගික මනාපය යි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අනුව මෙය අපරාධ වරදක් ලෙස සැළකෙන්නේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය මගින් දක්වා ඇති ප්‍රතිපාදන මත යි. එහෙත් එම ප්‍රතිපාදනය පැටලිලි සහගත බවට ඇතැමුන් තර්ක කරනවා.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙන් 365 (අ) වගන්තිය යටතේ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුද්ගලයකු සමග බරපතල අශෝභන ක්‍රියා සිදු කරන, එබඳු ක්‍රියාවකට පාර්ශ්වකරුවන් වන, හෝ එසේ කරවීමට තැත් කරන පුද්ගලයකුට අවරුදු දෙක දක්වා බරපතල සිර දඩුවම් ලබා දිය හැක.

