(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 31 පස්වරු 09.56ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 31 වන සෙනසුරාදා පස්වරු 09.35 වනවිට 10,663ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාදිතයින් 102 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. දිනය තුළ ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත් වී තිබෙනවා.
දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදතියන් ගණන 239ක් වන අතර ඔවුන් අතරින්,
- නිරෝධායනයට ලක්ව සිටි – 59
- පෑලියගොඩ මාළු වෙළඳපොළ හා ධීවර වරායන් ආශ්රිත – 180
එසේම Brandix කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 7,185දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණයෙන් 67% ඉක්මවූ ප්රමාණයකි.
එසේම, දිස්ත්‍රික්ක 25න් 24කම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව පුරා රෝහල් 33ක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 07ක් භාවිතා කෙරෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,399කි. සමස්ත ආසාදිතයින් අතුරින් 20 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 6,244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 30 – 633
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 29 – 582
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 28 – 335
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 27 – 457
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 26 – 541
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 25 – 348
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 24 – 368
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 23 – 865
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 22 – 309
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 21 – 166
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 20 – 180
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 19 – 87
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 18 – 61
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 17 – 115
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 16 – 110
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 15 – 68
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 14 – 130
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 13 – 194
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 12 – 90
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 11 – 121
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 10 – 103
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 09 – 30
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 08 – 10
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 07 – 202
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 06 – 729
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ඔක්. 05 - 101
දිවුලපිටිය කාන්තාවගේ දියණිය ඔක්. 04 - 01
දිවුලපිටිය කාන්තාව ඔක්. 03 - 01

