කොවිඩ්-19

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුට හා හෙදියකට කොරෝනා

(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 12.11ට)

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරු දෙදෙනෙකුට සහ හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අදාළ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි දරුවෙකු හා මවකට කොරෝනා වෛරසය ආසාදිත බවට හදුනා ගැනීමත් සමඟ එම වාට්ටුවේ සේවය කළ පිරිස ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. එහිදී ඔවුන්ගේ සිදු කළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාට සහ හෙදියට වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

අදාළ වාට්ටුවේ සේවය කළ අනෙකුත් හෙදියන් ද මේ වන විට ස්වයං නිරෝධායනය වන අතර මේ හේතුවෙන් රෝහලේ කටයුතු වලට බාධාවක් වී නොමැති බවත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top