දේශීය පුවත්

ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සේවා හැඳුනුම්පත භාවිත කළ හැකි රජයේ ආයතන ඇතුළු ආයතන 84ක් නම් කරයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 01.41ට)

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 84ක් නම් කර තිබෙනවා. ඊට අදාල විශේෂ චක‍්‍රලේඛයක්ද වැඩබලන පොලස්පතිවරයා විසින් සියලූ පොලිස් ප‍්‍රධානීන් වෙත යොමු කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති කාර්යාලය, අග්‍රමාත්‍ය කාර්යාලය, අධිකරණ අමාත්‍යංශය සහ සියලු මාධ්‍ය ආයතන ඇතුළු ආයතනවල සේවකයින්ට, මෙලෙස සිය සේවා හැදුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි.

මේ අතර ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම, කෘෂි හා පශූ සම්පත්, අපනයන බෝග, ගොවිතැන් ඇතුලූ ඒ ආශී‍්‍රත දෛනික අත්‍යාවශ්‍ය වෙනත් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ පළාත් ලේකම් ඇතුලූ රාජ්‍ය නිලධාරීන් සමග සම්බන්ධ වී අවසර ලබා දීම පිළිබඳ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කළ යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top