කොවිඩ්-19

බස්නාහිර පලාතෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් 556ක් සොයා ගැනේ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 3.08ට)

උපදෙස් නොතකා නිරෝධායන ඇඳීරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් වෙනත් ප‍්‍රදේශවලට ගිය පුද්ගලයින් 556 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් රැඳී සිටි ස්ථානවලම දින 14 කාලයක් ස්වයං නිරෝධායනයකට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ පිළිබඳ අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා, “අද උදේ ලැබුණ වාර්තා අනුව, 556ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා ඒ ඒ ප්‍රදේශවලින්. මඩකලපුවේ කල්කුඩා, පාසිකුඩා වැනි ප්‍රදේශවල අම්පාර හා තංගල්ල ප්‍රදේශයෙන් වැඩිපුර වාර්තා වෙනවා. මීට අමතරව දියතලාව, නුවරඑළිය, යාපනය වැනි ප්‍රදේශවලිනුත් වාර්තා වෙනවා. එහෙම අය එම ස්ථානවල නිරෝධායනයට ලක්වෙනවා ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත. කවුරුහරි එනවා නම් බස්නාහිර පළාතට ඇතුළු වෙනකොට අපිට හඳුනාගන්න පුළුවන්. “ යනුවෙන් පැවසීය.

මේ අතර, බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 1 වැනි දින පස්වරුවේ තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. කෙසේවෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පවතින වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවයි.

පසුගිය ඔක්තෝම්බර් 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පලාතට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් 02 වන සඳුදා දින අලුයම 05.00 දක්වා ක්‍රියාත්මකයි.

Rivira FB Group Rivira Youtube
To Top