(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 0්4.02ට – updated)
කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඔක්තෝම්බර් 29 දින මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත බස්නාහිර පළාතටම පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් දින 07කින් දීර්ග කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, නොවැම්බර් 02 සඳුදා පෙරවරු 05 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය නොවැම්බර් 09 සඳුදා පෙරවරු 05 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
එසේම නිරෝධායනයට ලක් කෙරෙන නිවාසවලට සහන මල්ලක් ලබා දීමට ද තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

