(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 05.02ට)
කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා නොවැම්බර් 02 දින පෙරවරු 05 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභා බලප්‍රදේශයට, කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට හා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් බලප්‍රදේශයට මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
නොවැම්බර් 02 සඳුදා පෙරවරු 05 සිට ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 සඳුදා පෙරවරු 05 තෙක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
මීට අමතරව, බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය ද නොවැම්බර් 09 සඳුදා පෙරවරු 05 දක්වා දීර්ග කිරීමට පියවරගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

