(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 06.36ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නොවැම්බර් 01 වන ඉරිදා පෙරවරු 10.00 වනවිට 10,663ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නැති අතර ආසාදිතයින් 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 4,905කි. සමස්ත ආසාදිතයින් අතුරින් 20 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 5,738 බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 405ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 46.0%ක් ලෙසත් මරණ අනුපාතය 0.19%ක් ලෙසත් වාර්තා වේ.
දිනය තුළ සුවය ලබා රෝහල්වලින් පිට වූ 506 දෙනා පහත රෝහල්වල ප්‍රතිකාර ගෙන සුවය ලබා රෝහල්වලින් පිටවී ඇත.
- DH රෝහල – 20
- වැලිකන්ද මූලික රෝහල – 52
- ඉරණවිල රෝහල – 40
- මිනුවන්ගොඩ රෝහල – 02
- මුල්ලේරියාව රෝහල – 30
- හම්බන්තොට රෝහල – 113
- රඹුක්කන ප්‍රාදේශීය රෝහල – 04
- කඹුරුගමුව රෝහල – 88
- නෙවිල් ප්‍රනාන්දු රෝහල – 45
- හෝමාගම මූලික රෝහල – 50
- අඹන්පොල ප්‍රාදේශීය රෝහල – 02
- ලුනාව ප්‍රාදේශිය රෝහල – 30
- ඉංගිරිය ප්‍රාදේශීය රෝහල – 19
- කොස්ගම ප්‍රාදේශීය රෝහල – 11
මේ වන විට, වාර්තා වූ සමස්ත ආසාදිතයින් 10,663 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර – 7,184
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 1,465
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 100
- කන්දකාඩු කොරෝනා පොකුර – 651 (දැනට අක්‍රීයයි)
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950 (දැනට අක්‍රීයයි)
- වෙනත් – 313 (දැනට අක්‍රීයයි)
ඔක්තෝම්බර් මස 03 වැනි දින බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ පළමු ආසාදිතයා වාර්තා වූ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 67%කට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට වේ. ඔක්තෝම්බර් මාසය තුළ දී ආසාදිතයින් 7283 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 1169 දෙනෙකු සුවය ලබා ඇත. මාසය තුළ දී පීසීආර් පරීක්ෂණ 223,147ක් සිදු කර ඇති අතර එය මාසයක් තුළ සිදු කර ඇති වැඩිම පිසීආර් පරීක්ෂණ ප්‍රමාණය වේ.
එමෙන්ම, මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 512,735ක් වන අතර ඔක්තෝම්බර් 31 දින පරීක්ෂණ 11,999ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට ජනගහණය මිලියනයකට සිදුකර ඇති පරීක්ෂණ ගණන 23,959 ඉක්මවා තිබෙනවා.
