(RIVIRA.LK, 2020 නොවැම්බර් 01 පස්වරු 09.31ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ විසිඑක්වන (21) මරණය නොවැම්බර් 01 දින වාර්තා වී තිබෙනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.
අධි රුධිර පීඩනය හා ශ්වසන රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට ඔක්තෝබර් 23 දින වැලිසර ලය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔක්තෝම්බර් 31 වන එම පුද්ගලයා මියගොස් තිබෙනවා. ඒ අනුව, සිදුකළ පළමු පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව සඳහන් වුවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සිදුකර ඇති දෙවන පීසීආර් පර්ක්ෂණයේ දී ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලේ 08 වන මරණය ලෙසත්, සමස්තයක් ලෙස 21 වන මරණය ලෙසත් වාර්තා වේ.

